ලිට්‍රෝ ගෑස් මිල හෙට අඩුවෙයි


දයාසීලි ලියනගේ

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇතැයි දැනගන්නට ඇත.  

මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ සැලකිය යුතු මුදලකින් මිල අඩුවන බව හා සිකුරාදා රාත්‍රි වනතුරු මුදල් අමාත්‍යාංශ කමිටුව මගින් මිල අඩුකළ හැකි උපරිම ප්‍රමාණය පිළිබඳව ගණනය කරමින් සිටි බවත්ය.  

අවසන් වරට ගෑස් මිල අඩු කරනු ලැබුවේ ඉකුත් අගෝස්තු 8 වැනිදාය.  


‘ඉරිදා ලංකාදීපයට’ දැන ගන්නට ඇත්තේ අඩු වශයෙන් රුපියල් 200කින්වත් ගෑස් මිල අඩු කිරීමට පියවර ගනිමින් සිටින බවයි.