(දයාසීලි ලියනගේ)
ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයා හා අධ්යක්ෂ ජනරාල්වරයා අතර පවතින ගැටලුකාරී තත්ත්වය නිසා ආයතනයේ සාමාන්‍ය රාජකාරි කටයුතු මුළුමනින්ම අඩාළ වී ඇති බව වාර්තා වේ.
ප්‍රධාන නිලධාරීන් දෙදෙනා අතර පවතින ගැටලුව මේ වන විට කාර්ය මණ්ඩලය දක්වාම විහිදී ගොස් මුළු ආයතනයම කොටස් දෙකකට කැඩී ඇති බව ආයතනයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් දැනටමත් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බව දැන ගන්නට ඇත.
ජනාධිපතිවරයා විසින් ආයතනයේ සභාපතිවරයා පත් කර තිබෙන අතර අධ්යක්ෂ ජනරාල්වරයා නීත්‍යානුකූල නොවන ආකාරයට පත් කර ඇති බවද කාර්ය මණ්ඩලය සඳහන් කරයි.
මෙම ගැටලුකාරී තත්ත්වය නිසා ආයතනයකට ලැබෙන ආදායම නිසි ලෙස නොලැබෙන අතර ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම කඹ අදින තත්ත්වයට පත්වී ඇති බවද සඳහන් වේ.
විශේෂයෙන් සභාපතිවරයා ගනු ලබන තීරණ අධ්යක්ෂ ජනරාල්වරයා ක්‍රියාත්මක නොකිරීම නිසා ආයතනය අරාජික ස්වරූපයකට පත්වී ඇති බවද කියති.
ආයතනය භාර ඇමැතිවරයාද මේ සම්බන්ධයෙන් තීන්දුවකට එළඹීමට නොහැකි තත්ත්වයකට පත්වී සිටින බවද කියති.