විගණන අංශයෙන් පරීක්ෂණයක්
නිමන්ති රණසිංහ
මොනරාගල දිස්ත්‍රික්කයේ වගා ළිං විසි හතරක් තැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැය කළ රුපියල් කෝටියකට වැඩි මුදලක් 2019 වර්ෂයේදී නාස්ති වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම මුදල් වැයකර ඇතැයි පැවැසෙන්නේ ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතාව ඇගයීමකින් තොරවය.
ප්‍රතිලාභීන් පනස් තුන්දෙනකු වෙනුවෙන් වගා ළිං සැකසීම සඳහා රුපියල් දෙකෝටි හැටපන් ලක්ෂයක පමණ මුදලක් වෙන්කර තිබූ බව එම කාර්යාලය සඳහන් කරයි.
මේ අතර 2018-2030 කාලපරිච්ඡේදය වෙනුවෙන් ජාතික ආපදා කළමනාකරණ සැලැස්මක් පිළියෙල කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2017 වර්ෂයේ මිලියන දෙකක් මධ්‍යස්ථානය වෙත ලබාදී තිබුණත් 2019 දෙසැම්බර් 31 වන විටත් අදාළ කාර්යය අවසන් කර නොතිබුණු බව විගණන අංශ පවසයි.