මිලදී ගන්න සියල්ල සූදානම්
නිමන්ති රණසිංහ
වන අලින් පලවා හැරීම සඳහා යොදාගන්නා ගිගුම් වෙඩි එකොළොස් ලක්ෂයක් සහ සංඥා දඟර ලක්ෂ හතරක් මිලදී ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ටෙන්ඩර් පත් කැඳවා ඇත.
මෙම සංඥා දඟර සහ ගිගුම් වෙඩි කොටස් කොටස් වශයෙන් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
මේ අතර අලි මිනිස් ගැටුම නිසා 2019 වර්ෂයේ දී අලි ඇතුන් 407 දෙනකු මියගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි. අලි මිනිස් ගැටුම හේතුවෙන් එම වසරේදී මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 122කි.
අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් වැඩියෙන්ම මියයන රට ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බව පවසන කෝපා කමිටුව අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්ව ඇති බවද සඳහන් කළේය.