(දයාසීලි ලියනගේ)
කොළඹ වරාය නගරය තුළ පිහිටුවීමට නියමිත ප්‍රථම ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම ලබන ජුනි මාසයේ දී සිදු කිරීමට සැලසුම් කර ඇත.
මේ සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඉකුත් දෙසැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදු වූ බව වරාය නගර ආයෝජන සමාගමේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා කීය.
කොවිඩ් වසංගත තත්ත්වය මෙම ඉදි කිරීම් ආරම්භ කිරීමේ උත්සවයට බාධාවක් නොවනු ඇතැයි විශ්වාස කරන බවද කස්සප සෙනරත් මහතා ප්‍රකාශ කළේය.