(දයාසීලි ලියනගේ)
සෑම අමාත්‍යාංශයක්ම කොරෝනා වසංගත කාලය සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමේ මාර්ගෝපදේශයක් සකස් කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේදී සියලු ඇමැතිවරුන්ට උපදෙස් දී ඇත.
රජයේ වෛද්‍යවරුන් හා කොරෝනා මර්දන කාර්ය සාධන බළකාය සමග පැවැති සාකච්ඡාවකට ඇමැතිවරුන්ද ගෙන්වා ඇති ජනාධිපතිවරයා සියලුම අමාත්‍යාංශවලට කොරෝනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වැඩ පිළිවෙළක් සහිත මාර්ගෝපදේශයන් සකස් කර ගන්නා ලෙසට නියම කර ඇත.
උදාහරණයක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හදිසි අවස්ථාවක අවලංගු කරන දුම්රිය ප්‍රමාණය, මගීන්ට විශේෂයෙන් බලපාන දුම්රිය ප්‍රමාණය, හදිසි අවස්ථාවක සේවයට යෙදවිය හැකි සේවක ප්‍රමාණය, එක් අංශයක කොරෝනා වසංගතය පැතිරී ගියහොත් ඒ අංශය අඩාල නොවී පවත්වා ගෙන යාම ආදී කරුණු ඇතුළත් මාර්ගෝපදේශයක් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.