වසර තුනකදී ගුරුවරුන් ලක්ෂයක් විශ්‍රාම ගැන්වෙයි


දයාසීලි ලියනගේ  

ඉදිරි වසර තුන ඇතුළතදී රජයේ ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසක් විශ්‍රාම ගැනීමට නියමිත බව ගුරු වෘත්තීය සමිති සඳහන් කරයි. 


අනූව දශකයේදී උපාධිධාරී හා අභ්‍යාසලාභී ගුරු පත්වීම් ලබා සිටි මෙම පිරිස ඉදිරි වසර තුන ඇතුළතදී විශ්‍රාම යාමට නියමිත බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පවසති.

ගුරුවරුන් විශ්‍රාම යාමෙන් පාසල් කඩා වැටීම වැළැක්වීම සඳහා විද්‍යා පීඨවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 8000 සිට වැඩි කරන ලෙසටත් උපාධිධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදී ගුරු සේවයට බඳවා ගැනීමටත් දැන් සිටම පියවර ගන්නා ලෙස අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් ඉල්ලා සිටි බවද උන්වහන්සේ කීහ.  


මෙම කාලය තුළදී අභ්‍යාසලාභී ගුරුවරුන් හා උපාධි ගුරුවරුන් 75,000ක පමණ පිරිසක් සේවයේ යොදවා ඇත.