ව්‍යාපාර පිරිවැටුම් බද්ද ලබන 1 වැනිදා සිට


දයාසීලි ලියනගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් යෝජනා කළ ව්‍යාපාර පිරිවැටුම් බද්ද අයකිරීම ඔක්තෝබර් 1 වැනිදා සිට සිදු කෙරේ.

වසරකට කෝටි 12ක ව්‍යාපාර පිරිවැටුමක් ඇති ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර පිරිවැටුම් බද්ද ලෙස වසරකට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ගෙවීමට සිදු ​ෙවන නිසා එම බද්ද භාණ්ඩ මිල සඳහා ඍජුව බලපානු ඇතැයි විශ්වාස කෙරේ. මෙම පිරිවැටුම් බද්ද මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් අය කර ගන්නා බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.   


ඒ අනුව විශේෂයෙන් විදුලි සංදේශ, ඇඟලුම්, ආහාර හා ඖෂධ මිල ඉහළ යනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු කීය. මෙම බදු ගෙවීම් කාර්තුමය වශයෙන් ගෙවීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.