විදුලිය මෙගාවොට් 150ක හදිසි මිලදී ගැනීමකට අවසර පතයි


දයාසීලි ලියනගේ   

විදුලිය මෙගාවොට් 150ක හදිසි මිලදී ගැනීමක් සඳහා විදුලිබල අමාත්‍යාංශය මගින් විදුලි බල මණ්ඩලයට යෝජනා කර ඇති බව වාර්තාවේ.   


මෙම හදිසි මිලදී ගැනීම්වලදී මාස 6 කට ඉන්ධන ගාස්තු ලෙස රුපියල් මිලියන 24,000ක්ද ස්ථාවර ගාස්තු ලෙස රුපියල් මිලියන 1300ක මුදලක් ගෙවීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය. 

මෙතෙක් කලක් හදිසි මිලදී ගැනීම් සඳහා විදුලිබල මණ්ඩලය යෝජනා ඉදිරිපත් කරනු ලැබුවත් මෙවර විදුලිබල අමාත්‍යංශය මගින් මේ සඳහා යෝජනාව ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.   


මෙම යෝජනාවට විදුලිබල මණ්ඩලයේ ඉහළම මට්ටමේ බහුතරයක් පිරිස වි​රෝධය දක්වා ඇති බව දැනගන්නට ඇත.   


මෙම හදිසි විදුලි මිලදී ගැනීම යෝජනා කර ඇත්තේ ලබන වසර මුල් කාර්තුවේදී ඇතිවිය හැකි විදුලි හිඟයට පිළියමක් ලෙස බව සඳහන් වන අතර මෙම විදුලිය ප්‍රමාණය පැය භාගයක විදුලි කප්පාදුවක් අත්හිටුවීමට හේතුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වාදී ඇත.