විමල්-උදය සමග හවුල් පක්ෂ ජන රැලියක


(අජන්ත කුමාර අගලකඩ)   

ඇමැතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂ ඇතුළුව, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුව කොළඹ දී ජනරැලියක් පැවැත්වීමට එම පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ .

එය මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ පසුව ‘‘මහින්ද සුළඟ”‍ නමින් නුගේගොඩ දී පැවැත්වූ රැස්වීම ආකාරයෙන් එම ස්ථානයේදීම පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් ඉකුත්දා පැවති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ද වාර්තා වේ .   


එම රැස්වීම මේ මස අග දී පමණ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද පැවසේ .   
මේ අතර ,හවුල්කාර පක්ෂ එක්ව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.