විශ්වාසභංගය විවාද කරන දිනය පක්ෂ නායක රැස්වීමේදී


(අජන්ත කුමාර අගලකඩ)   

 බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.   

මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ලබන මස 6 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.   


 විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය එහිදී තීරණය කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.   


 ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉකුත්දා භාර දෙනු ලැබූ අතර ඊට මන්ත්‍රීවරුන් 43 දෙනකු අත්සන් කර ඇත. මෙම විශ්වාසභංග යෝජනාවට සහාය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ප්‍රකාශ කර ඇත