විශ්වාසභංගයට පොදු එකඟතාවක් තවමත් නෑ


(දයාසීලි ලියනගේ)   

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට හා රජයට එරෙහි විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුවට එරෙහි සියලු‍‍ පක්ෂවල සහාය තවමත් නිසි ලෙස ලැබී නැති බව වාර්තා වේ.

විපක්ෂයේ සිටින ප්‍රධාන පක්ෂයක නායකයෙක් මෙතෙක් ඒ සඳහා වන කිසිදු සාකච්ඡාවකට පවා සහභාගි වී නැති බව සඳහන් වේ.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේ සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි එකඟතාවක් දක්වා නොමැති බවද දැන ගන්නට ඇත.   


විපක්ෂයට එක්වී සිටින පක්ෂ සංඛ්‍යාව මේ වනවිට වැඩි වී ඇතත් දෝෂාභි​යෝගයට හා විශ්වාසභංගයට අත්සන්තැබීම සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් මෙතෙක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පැහැදිලිවම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 113ක් වුවත් අත්සන් ලබා ගැනීමේ යම් ගැටලු‍‍වක් පවතින බවද දැන ගන්නට ඇත.