විශේෂ උපාධිධාරීන් 144ක් කම්කරු රස්සාවල


දයාසීලි ලියනගේ 

විශේෂ උපාධිධාරීන් 144 දෙනෙක් රජයේ සේවයේ කම්කරු තනතුරුවල සේවය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කර ඇති සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

විද්‍යා​වේදී, ව්‍යාපාර පරිපාලන, භෞතික විද්‍යාව යනාදී අංශවලින් මෙම පිරිස විශේෂ උපාධිය ලබා ඇති බව අනාවරණය වී තිබෙන බව වාර්තා වේ. 


​මෙම පිරිස රැකියා ලැබීමට පෙර විශේෂ උපාධිය සමත් වී සිටි අය බව ද අනාවරණය වී ඇත. 


මීට අමතරව සේවයේ යෙදී සිටියදී උපාධිය සමත් 230 දෙනකු කම්කරු සේවාවල යෙදී සිටින බව ද අනාවරණය වී ඇතැයි වාර්තා වේ. 


උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී ඔවුන් සේවයක යෙදෙන අය ලෙස සලකා එම පත්වීම් ලබාදී නැති බව ද සඳහන් වේ. 


මෙම පිරිස රජයේ කාර්යාලවල කාර්යාල කාර්ය සහයක හා පිරිසිදු කිරීමේ රැකියාවල යෙදී සිටින බව ද වාර්තා වේ.