(දයාසීලි ලියනගේ)
රෝහල් කටයුතු හෙට (27) සිට අඩපණ වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීය.
හෙද හෙදියන්ට ලබාදුන් රුපියල් 7,500 කොරෝනා විශේෂ දීමනාව කපා හැරීම, පැය දෙසීයක අතිකාල දීමනාව පැය 60කට සීමා කිරීම, ප්‍රවාහන පහසුකම් කපා හැරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ලබාගැනීම සඳහා සිකුරාදා හා සෙනසුරාදා යන දින දෙක තුළ පැහැදිලි ප්‍රතිචාරයක් ලබා නොදුන්නොත් හෙට (27) අනිවාර්යයෙන්ම රෝහල් කටයුතු අඩාළ වනු ඇතැයි සමන් රත්නප්‍රිය මහතා කීවේය.
පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා පසුගියදා කෑම පැයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ බව ද ඒ මහතා පැවසීය.