වෛද්‍ය උපදෙසකින් තොරව ප්‍රතිජීවක ඖෂධ ගන්න එපා


ආචාර්ය චන්දිම ජීවන්දර 

(උපුල් වික්‍රමසිංහ)  

ඇසිත්‍රොමයිසීන් azithromycin හා ඩෙක්සාමෙතසෝන් dexamethasone යන ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තීකරණය අඩාලවන නිසා වෛද්‍ය උපදෙස් වලින් තොරව කොවිඩ් 19 රෝගය සඳහා එම ඖෂධ නොගත යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.   

ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් සිදුවන්නේ ශරීරයේ ඇති බැක්ටීරියා විනාශ වීම බව පෙන්වා දෙන වෛද්‍යවරයා අනවශ්‍ය ලෙස එවැනි ඖෂධ භවිතයෙන් ශරීරයට හිතකර බැක්ටීරියාවන් ද විනාශ වී ස්වාභාවික ප්‍රතිශක්තිකරණය දුර්වල වන බව ප්‍රකාශ කරයි.  


ඩෙක්සාමෙතසෝන් ප්‍රතිජීවක ඖෂධය දරුණු රෝගී තත්ත්ව මත දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පෙනහලු ඉදිමීම පාලනය කිරීමට සුදුසු බෙහෙතක් හැටියට ඊට අදාළව සිදුකරන ලද පර්යේෂණවලින් හෙළිව ඇති බව කියන ජීවන්දර මහතා එය කොවිඩ් 19 ආසාදිත අයට ලබාදීම නුසුදුසු යැයි සඳහන් කරයි