(දයාසීලි ලියනගේ)
පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමේ ගිවිසුම මත එංගලන්තයේ හයිරාඩ් ආයතනයට රුපියල් කෝටි 33 ක (පවුම් මිලියන 1.2) මුදලක් ගෙවා ඇති බව වාර්තා වේ.
යහපාලන රජය කාලයේදී ගන්නා ලද තීරණයකට අනුව හයිරාඩ් ආයතනයට ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමේ කොන්ත්‍රාත්තුව පවරා තිබූ අතර නිසි ලෙස එම කටයුත්ත සිදු නොවීම නිසා ශ්‍රී ලංකා රජය මගින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
මුදල් ගෙවීම පැහැර හැරීම නිසාද අදාළ ආයතනය මගින් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එහිදී මෙම රුපියල් කෝටි 33 ක මුදල ගෙවීමට නියම කර ඇති බවද සඳහන් වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව වර්ෂයකට රුපියල් කෝටි 33,000ක් වන නිසා මෙම මුදල් මහාභාණ්ඩාගාරයෙන් ගෙවා ඇති බවද සඳහන් වේ.
මෙම මුදල ගෙවනු ලැබුවත් දැනටත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන විධිමත් යෝජනාවලියක් අදාළ සමාගමෙන් ඉදිරිපත් කර නොතිබුණු බවද එම නිලධාරියා කීය.