ආචාර්ය හර්ෂ ද සිල්වා
(දයාසීලි ලියනගේ)
විදේශ ණය ගෙවීම අත්හිටුවීමට ශ්රී ලංකා රජයට ඒකපාර්ශ්වීයව තීරණය කළ නොහැකි බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඉදිරි මාස 12 ක කාලය සඳහා ශ්රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් බිලියන හයහමාරක (6.5) විදේශ ණය ගෙවිය යුතුව ඇති අතර එම මුදල් ගෙවීම අත්හිටුවීම සඳහා ශ්රී ලංකා මහ බැංකුවට තනිව තීරණය කළ නොහැකි බව ඒ මහතා සඳහන් කරයි.
පළමුවෙන් ණය දුන් රටවල් හා ආයතන සමගත්, සෛවරීත්ව බැඳුම්කර ණය හිමියන් සමඟත් සාකච්ඡා කර එකඟතාව ලබාගත යුතු බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්රකාශ කළේය.
දෙපාර්ශවයක එකඟතාවයෙන් ලබාගත් ණය මුදල් ගෙවීම තාවකාලිකව නතර කිරීමට තීරණය කිරීමට පෙර අදාළ අයගෙන් එකඟතාව ලබාගත යුතු බව ඔහු කීය. ශ්රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා පත්වීමෙන් පසු ගනු ලැබූ තාක්ෂණික තීන්දු නිවැරැදි වුවත්, විදේශ ණය ගෙවීම සම්බන්ධයෙන් මහ බැංකුවට තනි තීන්දුවක් ගත නොහැකි බවද ඔහු කීය.