රජයේ වාර්තාවක් කියයි
සුජිත් හේවාජුලිගේ
ශ්‍රීලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මේ වසර අවසානය වන විට රුපියල් කෝටි හාර ලක්ෂයක පමණ (බිලියන 4000) පාඩුවක් ලබනු ඇතැයි රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ වන විට වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. එම සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ පන්දහස් හත්සියයකි.
ඊට පසු ශ්‍රීලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි හැත්තෑ නව දහස් නව සියයක් ද ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි විසිහය දහස් එකසියයක් ද පාඩු ලබා ඇත. මේ ආයතන ප්‍රතිව්‍යූහගත කර රටට බරක් නොවන තත්ත්වයකට ගෙන ඒමට රජය කටයුතු කරන බවත් මේ සඳහා රැඩිකල් වෙනස්කම් ගණනාවක් කරන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
මේ ආයතනවල පාඩුව වසර ගණනාවක් තිස්සේ සෘජු හා වක්‍ර ලෙස දැරුවේ මහජනතාව බව පෙන්වා දෙන වාර්තාව මෙම බදු බර ජනතාව මත පැටවීම මින් ඉදිරියට නොකිරීම රජයේ ප්‍රතිපත්තිය වී ඇතැයි ද සඳහන් කළේය. මේ අතර පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමට හෝ වසා දැමීමට ද සමාන කාර්යයක නිරත වන ආයතන ඒකාබද්ධ කිරීමට ද රජය තීරණය කර ඇත.