දයාසීලි ලියනගේ
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට යළි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත්කිරීම සඳහා ඉකුත්දා කතාබහක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂයේ වත්මන් සභාපති මෛත්රීපාල සිරිසේන මහතාට තවදුරටත් එම තනතුරේ සිටිය නොහැකි තත්ත්වයක් පවතින බව ඉකුත් සතියේ චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේ පැවැති රැස්වීමක දී සාකච්ඡාවට ලක්වී තිබේ.
මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු තුනක් විභාග වීමත්, පක්ෂයේ ක්රියාකාරිත්වය නිසා ඔහු එම තනතුරින් ඉවත්විය යුතු බවට අදහස් ප්රකාශ වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් සහභාගි වී ඇතැයි ද දැන ගන්නට ඇත.