ජංගම වෙළෙඳසල් මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදීමට සැලසුම්
(අජන්ත කුමාර අගලකඩ)
රට පුරා ලබන මස හත් වැනිදා දක්වා පනවා ඇති සංචරණ සීමා ලබන 31 සහ 4 වැනිදා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (28) රැස්වූ කොවිඩ් මර්දන කමිටුව මෙම තීරණය ගෙන තිබේ.
රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වයිරසය පාලනය කිරීමේ පියවරක් ලෙස ලබන මස හත් වැනිදා දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළ අතර, එය ලබන 31 සහ ලබන මස 4 වැනිදා ලිහිල් කිරීමට රජය මුලින් තීරණය කර තිබිණි.
එහෙත් එම සංචරණ සීමා ලිහිල් නොකර ලබන මස 7 වැනිදා දක්වා දිගටම ක්‍රියාත්මක කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර තිබිණි.
එය සැලකිල්ලට ගත් කොවිඩ් මර්දන කමිටුව රට පුරා පනවා ඇති සංචරණ සීමා ලබන මස 7 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
එම කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු ජංගම වෙළෙඳසල් මගින් සිදු කිරීමට ද රජය සැලසුම් කර ඇත.