ඇමැතිවරුන්ගෙන් බලධාරීන්ට පැමිණිලි
(අජන්ත කුමාර අගලකඩ)
රජයේ සංස්ථා හා මණ්ඩලවලට පත්කර ඇති ඇතැම් සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග කටයුතු කළ නොහැකි බව ඇමතිවරුන් ගණනාවක් ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ට පැමිණිලි කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
එම සංස්ථා හා මණ්ඩල ප්රධානීන් ඇමැතිවරුන්ගේ නියෝග, උපදෙස් නොපිළිපදිමින් කටයුතු කරන බවද එම ඇමැතිවරුන් ඉහළ බලධාරීන්ට දන්වා ඇතැයි ආරංචිමාර්ග කියයි.
ඇතැම් ආයතනවල මෙම තත්ත්වය ඇමැතිවරුන් හා ආයතන ප්රධානීන් අතර ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර, එය ආයතන පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇතැයි ද වාර්තා වේ. එම ආයතන ප්රධානීන් සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි ද එම ඇමැතිවරුන් ඉල්ලා ඇති බව රජයේ ආරංචිමාර්ග කියයි.