සජබ දේශපාලකයෙක් නියෝජ්‍ය නායක පුටුව බලාපොරොත්තුවෙන්


(දයාසීලි ලියනගේ)   

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක තනතුර තමන්ට ලබා දෙන ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇ බව වාර්තා වේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් සිටියදී එම තනතුර ලබාදීම කළ නොහැක්කක් බව දැනුම් දී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.   


නියෝජ්‍ය නායක තනතුර ඉල්ලා සිටින දේශපාලනඥයා තවමත් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ලබා නැති බවද සඳහන් වේ.   


මෙම ඉල්ලීම පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර යම් අප්‍රසාදයක් පවතින බවද කියති.