සජබ ජ්‍යෙෂ්ඨයන් පහක් කැබිනට්ටුවට


දේශපාලන ලියුම්කරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය මත ජාතික ආණ්ඩු වැඩපිළිවෙළකට එකතුෙවන සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පස් දෙනකුට කැබිනට් ඇමති ධුර හිමි​ෙවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

මේ පිරිස ඉකුත් යහපාලන ආණ්ඩුවේද ප්‍රබල ඇමැති ධුර දැරූ අයවෙති. ඉකුත් කාලයේ කතාබහට ලක්වූ සර්වපාක්ෂික ආණ්ඩුව වෙනුවට සර්ව පාක්ෂික එකඟතාවක් සහිත ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිතය. ඒ අනුව පක්ෂ ලෙස නොව තනි තනි පුද්ගලයන් ලෙස පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වී ඇමැති ධුර ලැබීමට නියමිත අතර නව ඇමැතිවරුන් ඉදිරි දෙසතිය තුළ දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂිතය.