ගබඩාවල තියලා නරක් වෙලා
නිමන්ති රණසිංහ
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සත්ව ගොවිපොළ සඳහා ගෙන්වූ වසූරිය එන්නත් සාර වඩි පහළොස් ලක්ෂයකින් හය ලක්ෂ තිස් හත් දහසකට වැඩි ප්‍රමාණයක් නිසි කාලයේදී භාවිතයට නොගැනීම නිසා කල් ඉකුත් වීමෙන් විනාශ කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම එන්නත් තොගය කල් ඉකුත්වී ඇතැයි පැවසෙන්නේ ඉකුත් 2000 වර්ෂයේදීය. මෙමගින් සිදුවූ අලාභය පසුගිය වසරේදී එහි පොත්වලින් පවා කපා හැර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
විගණන නිලධාරීන් මේ සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් කළ විමසුමකදී ඉල්ලුම අඩුවීම නිසා එම එන්නත් තොගය කල් ඉකුත්වූ බවට පිළිගෙන ඇත. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ පසුගිය වසරට (2021) අදාළ වාර්ෂික වාර්තාවේද මෙම නාස්තිය පිළිබඳව තොරතුරු සඳහන්විය.