සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති සංවිධානය මන්ත්‍රීවරුන් පහකට පවරයි


(දයාසීලි ලියනගේ)  

වෘත්තීය සමිති කටයුතු සංවිධානය කිරීම සඳහා මන්ත්‍රීවරුන් පස්දෙනකුට විෂයයන් භාරදීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.   

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතාට සමගි සේවක සංගමය, තුෂාර ඉඳුනිල් මහතාට සමගි අධ්‍යාපන සංගමය, හරීන් ප්‍රනාන්දු හා සුරේෂ් වඩුවේල් යන මහත්වරුන්ට සමගි වතු කම්කරු සංගමය හා මුජිබර් රහුමාන් මහතාට සමගි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ද බාරදී ඇත.   


මීට අමතරව බෞද්ධාගමික කටයුතු තිස්ස අත්තනායක මහතාට ද කතෝලික ආගම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි හා නිරෝෂන් පෙරේරා යන මහත්වරුන්ට ද මුස්ලි්ම ආගමික කටයුතු එම්.එච්.ඒ. හලිම් මන්ත්‍රීවරයාට ද කාන්තා කටයුතු සම්බන්ධයෙන් තලතා අතුකෝරල මහත්මියට ද වගකීම් පවරා ඇතැයි එම පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.