නිමල කොඩිතුවක්කු
සමගි ජන සන්ධානයේ වාර්ෂික පක්ෂ සම්මේලනය දෙසැම්බර් 11 වෙනිදා කොළඹදී පැවැත්වේ.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දී පස්වරු 2.00 සිට පක්ෂ සම්මේලනය පැවැත්වෙන බව පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
“ඇද වැටිච්ච රට යළි ගොඩ ගැනීමේ ව්‍යාපාරය” යන තේමාවෙන් මෙවර පක්ෂ සම්මේලනය පැවැත්වේ. සමගි ජන සන්ධානයේ තුන්වැනි මහ සමුළුව මෙවර උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙවර සමුළුව සඳහා මැතිවරණ කොට්ඨාස මට්ටමින් පක්ෂ නියෝජිතයන්ට ආසන බල මණ්ඩලවලට සහ පක්ෂයේ විශේෂ ක්‍රියාකාරීන්ට ආරාධනා කරන බවත් ඔහු තවදුරටත් කීවේය.