සහල් මිල පාලනයට රටවල් තුනකින් හාල් ගෙනෙයි


(අජන්ත කුමාර අගලකඩ) 

 වෙ​ෙළඳපොළේ ශිඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය හා මියන්මාරය යන රටවලින් සහල් වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. 

ඇති අතර, පාකිස්ථානයෙන් හා මියන්මාරයෙන් ද ඉදිරි සති කීපයේ සහල් ආනයනය කරන බව වෙ​ෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය . 


 මේ සම්බන්ධයෙන් එම රටවල් සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයිද ඔහු සඳහන් කළේය . 


 ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝ ව රුපියල් 98 ට කිලෝ 5 බැගින් සතොසෙන් හෙට (01) සිට පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇතැයි කී ඇමැතිවරයා පිටරටින් සහල් ආනයනය ටෙන්ඩර් නොකැඳවා රජයන් දෙකක් අතර ගනුදෙනුවක් සේ සිදුකරන බවද සඳහන් කළේය . 


 රජය විසින් පාලන මිල ඉවත් කරනු ලැබීමත් සමඟ වෙ​ෙළඳපොළේ දේශීය සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, කීරි සම්බා කිලෝවක මිල රුපියල් දෙසීය ඉක්මවා ගොස් ඇත .