සිය ගණනකට කොරෝනා හෙද සේවය සීමා වෙයිද?


(අසුන්තා එදිරිසූරිය)   

දිවයින පුරා ප්‍රධාන රෝහල් බොහොමයක හෙද නිලධාරීන් සියයකට වැඩි පිරිසක් කෙරෝනා රෝගයට ගොදුරු වීම නිසා සහ සැලකිය යුතු හෙද කාර්යය මණ්ඩලයක් නිරෝධායනයට ලක්ව ඇති නිසා රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි වාර්තා වේ.   

දැනට ජීවිත අවදානමෙන් දිවා රෑ නොබලා රාජකාරියේ නියුතු හෙද නිලධාරීන්ට අතිකාල දීමනාවක් හෝ විශේෂ අනතුරු දීමනාවක් හෝ ලබා දීමට මෙතෙක් රජය කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.   
ගර්භිණී හෙද නිලධාරිනියන්ට සහ ගර්භිණී කාර්යය මණ්ඩලයට කොරෝනා මර්දන එන්නත ලබා දීමට කටයුතු ​නොකිරීම නිසා ඔවුන් සියලු දෙනා ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව අති බවද රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.