(මහින්ද නිශ්ශංක)
රජය සුදු සීනි ආනයනය නතර කිරීම හේතුවෙන් මේ වනවිට ආනයනකරුවන් සතුව පවතින්නේ මාසයකට හෝ මාස එකහමාරකට ප්‍රමාණවත් සුදු සීනි තොග බව ආනයනකරුවන්ගේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මාසික සීනි අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 50,000 ක් වන බැවින් ඉදිරියේදී වෙළෙපොළේ සුදු සීනි හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔවුහු පෙන්වා දෙති.
පසුගිය මැයි 24 වැනිදා රජය මගින් සුදු සීනි ආනයක සම්පූර්ණයෙන්ම තහනම් කළ අතර ඊට මාස කීපයකට පෙර දුඹුරු සීනි ආනයනය නතර කර තිබුණි.
ඉකුත් ජනවාරි මාසයේ සිට ආනයනකරුවෝ සුදු සීනි මෙ.ටො 4,26,000ක් පමණ ආනයනය කර ඇති බවත්, රජය සුදු සීනි ආනයනය තහනම් කරන විට මාස 3 කට ප්‍රමාණවත් තොග තිබූ බව සඳහන් කරන ආනයනකරුවෝ මේ වනවිට ඇත්තේ තවත් මාසයකට හෝ මාස 1 1/2කට ප්‍රමාණවත් සීනි තොග බවද අවධාරණය කර සිටී.
මේ තත්ත්වය මත ඉදිරියේදී සුදු සීනි මිල ඉහළයාමට ඉඩ ඇති බවත් මේ වනවිට තොග වෙළෙඳපොළේ සීනි කිලෝවක තොග මිල රුපියල් 140, 145 වශයෙන් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.