දයාසීලි ලියනගේ
‘සොභා දනවි’ එල්.එන්.ජී. බලාගාරයේ සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය (කේබල්) ඉදිකිරීමේ කටයුතු ලබන ජනවාරි 1 වැනිදා වන විට අවසන් කිරීමට නොහැකි වුවහොත් ප්‍රමාද වන දිනකට ඩොලර් 51,000 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇත.
මෙම සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය පිහිටුවීමේ කටයුතු දැනට මාස කීපයක සිට තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර, එයට මුදල් ප්‍රශ්නයක් හේතු වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.
එල්.එන්.ජී. බලාගාරයේ කටයුතු ආරම්භ කිරීමට පෙර සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීමේ කටයුතු 2023 ජනවාරි 1 වැනි දින ෙවන විට අවසන් කළ යුතුව ඇත. එම දිනයට අවසන් කිරීමට නොහැකි වුවහොත් දිනකට ඩොලර් 51000 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇති බව වාර්තා වේ. එල්.එන්.ජී. බලාගාරයෙන් මෙ.වොට් 350 ක විදුලිය ලබන වසර මැද වන විට ලබා දීමට නියමිතය.