(දයාසීලි ලියනගේ)
සෞඛ්‍ය සේවාවේ යෙදී සිටින 1200 කට අධික පිරිසක් මේ වන විට කොරෝනා රෝගීන් වී සිටින බව වාර්තා වේ.
කොළඹ මහ රෝහලේ 150කට කොරෝනා වැලඳී ඇති අතර එයින් 70 හෙද - හෙදියන් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීය.
මාලිගාවත්ත රෝහලේ 25 ක් රෝගී වි සිටින අතර එයින් 12 ක් හෙද හෙදියන් බවද ඔහු ප්‍රකාශ කළේය.
කළුබෝවිල රෝහලේ 75 ක් රෝගී වී සිටින අතර එයින් 33 ක් හෙද හෙදියන් බවද සඳහන්ය.
කොළඹින් පිටත පිහිටි රෝහල්වලද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට කොරෝනා වැලඳී සිටින අතර රැපිඩ් ඇන්ටිජන් හා පී.සී.ආර්. කට්ටල හිඟවීම බරපතළ තත්ත්වයක් බව ද කීය. ඉතාම ශීඝ්‍රයෙන් පැතිරීම නිසා පාසල් ගණනාවක පන්ති වසා දමා තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.