සෞඛ්‍ය සේවයේ පිරිසක් අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානමින්


(දයාසීලි ලියනගේ)   

පළාත් මට්ටමින් පවත්වන උද්ඝෝෂණ ව්‍යාපාරවලින් පසුවත් සෞඛ්‍ය සේවක ගැටලු විසඳීමට රජය කටයුතු නොකළහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදීමට සෞඛ්‍ය අංශයේ පිරිසක් තීරණය කර ඇත.   

 දැනට පළාත් කීපයකම උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වා තිබෙන අතර ලබන 15 වැනිදා ඌව පළාතේද 16 වැනිදා නැගෙනහිර පළාතේද උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කීය.   


 සෞඛ්‍ය සේවයට අදාළ වෘත්තීන් 12ක පමණ පිරිසක් මෙම අඛණ්ඩ වැඩ වර්ජනයට සහභාගි වන බවද ඔහු ප්‍රකාශ කළේය.