පළාත් පාලන ඡන්දයකට ඉඟියක් !
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුව මේ වන විට මැතිවරණයකට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
එය පළාත් පාලන මැතිවරණය ද නැතිනම් පළාත් සභා මැතිවරණය ද යන්න පැහැදිලි නැති නමුත්, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබෙන නීතිමය ගැටලුකාරී තත්ත්වය මත එය පළාත් පාලන මැතිවරණය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී මැතිවරණයක් සම්බන්ධයෙන් ඉඟි පළකළේය.
ඕනෑම මොහොතක මැතිවරණයක් පැවැත්වීමට තමාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සූදානම් බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.
එන්න්කරණය සාර්ථක කරගනිමින් කොවිඩ් මර්දනයට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සහ ගිය සතියේ රටපුරා ආරම්භ කළ ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇත්තේ ද ඉදිරියේ දී පැවත්වීමට යෝජිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් බව දැනගන්නට ඇත. රැස්වීම් මාලාවේ පළමුවැන්න ලබන බදාදා (09) අනුරාධපුරයෙන් ආරම්භ වන අතර එය ඡන්ද ප්රචාරක ව්‍යාපාරයක් ලෙසින් පැවැත්වීමට ද කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
මේ මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසර දක්වා තවත් වසරකින් දීර්ඝ කර ඇති නමුත්, ඒවායේ මැතිවරණය ඊට පෙර පැවැත්වීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.