(අජන්ත කුමාර අගලකඩ)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට අදාළ අනුග්‍රාහක ගිවිසුමේ සඳහන් කරුණු පිළිබඳව වගන්තියෙන් වගන්තියට නීතිපතිවරයාගේ නිර්දේශ ලබාදෙන්නැයි වරාය හා නාවුක කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතා ඒ පිළිබඳව පත්කළ ඇමැති අනුකමිටුවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
වරාය පැවරීමේ අනුග්‍රාහක ගිවිසුම සකස් කර ක්‍රියාවට නැංවීම සඳහා පත්කළ ඇමැති අනුකමිටුව ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (29) රැස්වූ අවස්ථාවේ ඊට සහභාගි වූ ඇමැති අර්ජුන රණතුංග මහතා මෙම ඉල්ලීම කර ඇති බව දැන ගන්නට තිබේ.
ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද එම කමිටුවට මලික් සමරවික්‍රම, අර්ජුන රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර හා සාගල රත්නායක යන ඇමැතිවරුන් ඇතුළත් වූ අතර පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ඉකුත් සතියේ සිකුරාදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් එම කමිටුවෙන් ඉවත් විය.
මෙම කමිටුව ඉකුත් බදාදා රැස්වී යෝජිත වරාය ගිවිසුම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තාවේ.