හිඟ බදු ගෙවීමට තිබ්යදී දේශපාලන හිතවතාට ස්කාගාර බලපතක්!


(දයාසිලි ලියනගේ)  
රුපියල් කෝටි 32ක හිඟ බදු මුදලක් ගෙවීමට නියමිතව තිබියදී පෞද්ගලික ආයතනයකට නීති වි​ෙරා්ධී ලෙස ස්කාගාර බලපත්‍රයක් නිකුත් කර ඇති බව “ඉරිදා ලංකාදීපයට” වාර්තාවේ.  


මෙම ඉස්කාගාරයේ හිමිකරු ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු සමඟ සමීප හිතවත්කමක් පවත්වන නිසා මෙලෙස හිඟ බදු මුදල් තිබියදී බලපත්‍රය නිකුත් කර ඇති බව කියති.   


හිඟ බදු මුදල් ගෙවා අවසන් වෙනතුරු බලපත්‍ර නිකුත් නොකිරීම සාමාන්‍ය නීතිය වෙයි.  


මේ අතර මෙම ඉස්කාගාරයේ කසිප්පු යොදා ගනිමින් අරක්කු නිෂ්පාදනය කර බෝතලයක් රැපියල් 1250ක මිලකට අලෙවි කරනු ලබන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත්වී ඇති බවද වාර්තාවේ.