(දයාසීලි ලියනගේ)
හිඟ බදු හා දඩ මුදල් ලෙස පසුගිය වසර කීපයක කාලය පුරා ශ්රී ලංකා රේගුවට රුපියල් බිලියන 80 ක මුදලක් අයවිය යුතුව ඇති බව රාජ්ය ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තා කර ඇත.
මෙයින් 2018 සිට 2020 දක්වා වසර තුනට රුපියල් බිලියන 41 ක නව හිඟ බදු ගාස්තුවක් ද මෙම මුදලට ඇතුළත් වන බව එම වාර්තාවේ සඳහන් කර ඇත.
කාලයක් තිස්සේ හිඟව පවතින මෙම බදු අයකර ගැනීම සඳහා වෙනමම අංශයක් පිහිටුවා තිබෙන බව මෙම කාරක සභාවට අනාවරණය වී ඇති බව ද සඳහන් වේ.