(දයාසීලි ලියනගේ)
සීනි ආනයනය තහනම් කිරීමෙන් පසුවත් මෙරටට ගෙන්වා ඇති සීනි කන්ටේනර් දහයකට අධික ප්‍රමාණයක් හා තහනමට පෙර ගෙන්වන ලද සීනි කන්ටේනර් විස්සකට අධික ප්‍රමාණයක් රාජසන්තක කිරීමට යන බව වාර්තා වේ.
මෙම සීනි තොග පවරාගෙන සතොස මගින් රුපියල් එකසිය විස්සත් එකසිය තිහත් අතර මුදලකට අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කර ඇත.
සීනි ආනයනය තහනම් කිරීමෙන් පසුවත් මේ රටට සීනි ගෙන්වීම මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බව ද මෙහිදී සාකච්ඡා වී ඇත.
මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසට අදාළ අංශවලට දැනුම් දීමටද මෙහිදී තීරණය කර ඇත.