ජනපති ළඟ වාර්තාවක්
අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් දහඅටකට බෙදී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ ඉකුත්දා පැවැති සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.
2020 වසරේ අගෝස්තු මස පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 146 දෙනකු පත්ව ඇති අතර, එම පිරිස මේ වන විට කණ්ඩායම් දහඅටකට බෙදී ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා ඇත.
ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාට හිතවත් හිටපු අමාත්‍යවරයකු විසින් දෙන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් බවද වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ කණ්ඩායම, මහින්ද රාජපක්ෂ කණ්ඩායම, බැසිල් රාජපක්ෂ කණ්ඩායම, නාමල් රාජපක්ෂ කණ්ඩායම, ඩලස් අලහප්පෙරුම කණ්ඩායම, විමල් වීරවංශ කණ්ඩායම ආදී වශයෙන් මෙම කණ්ඩායම් බෙදී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වන බව ජනාධිපතිවරයා පවසා ඇත.
එම වාර්තාවට අනුව, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සී. බී. රත්නායක සහ එස්. බී. දිසානායක යන මන්ත්‍රීවරුන් ඉන්නේ කුමන කණ්ඩායමේ ද යන්න පැහැදිලි නැතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ” හෘද සාක්ෂියට එකඟ ‘‘මන්ත්‍රී කණ්ඩායම සමග ඉකුත් සති අන්තයේ පැවති සාකච්ඡාවකදී බව පැවසේ.