කෙනකුට පෙනෙන දේ තව කෙනකුට නොපෙනේ


මෙය කිසිවකුට අපහාසයක් සඳහා නොවේ. දැනුම ලබාදෙන ලිපියක් බැවින් ඇත්ත පැහැදිලි කිරීම සුදුසුය. ටෙලිනාට්‍ය නිළිය උපත ලබා ඇත්තේද රාහු මහ දසාවෙනි. එය දසුන්ගේ ජන්ම නැකත වන බුධගේ නැකතට වඳ නැකතකි. ඒ නිසා ලක්වාසී බෞද්ධ දරුවනේ කවුරු වුණත් තමාගේ ජන්ම නැකතට අසුබ නැකතක් නම් තමාට නපුරක් මිස හොඳක් නොවන බවට මෙම මරණය ආදර්ශයට ගන්න. ආදරය තරුණ වයසට සාධාරණය. නමුත් එයින් ඇතිවෙන යහපත හෝ අයහපත ගැන සොයා බැලීම ඔබට යහපතකි. එය ඉතා වැදගත් කරුණක් බව තරයේ සිතට ගන්න.

ජීවිතයත් මරණයත් අතර නොයෙක් කතාබහ මේ දිනවල සමාජ වෙබ් අඩවිවල දැකගත හැක්කේ ටෙලිනාට්‍ය සහ නිරූපණ ක්ෂේත්‍රය හරහා ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වූ දසුන් නිශාන්ගේ මරණයත් සමගය.  
දසුන් මියගිය දින සිටම සමාජ වෙබ් අඩවිවල නොයෙක් කතා පැතිර ගියද මට එම කතා කිසිවක් ගැන උනන්දුවක් ඇති නොවුණේ මන්ද? අප කියන සහ සිතන දෙයට වඩා වෙනස්ම දෙයක් මහ දසාව සහ අතුරු දසාවට අයත් ග්‍රහයන්ට කළ හැකි නිසාවෙනි. මරණය ගැන දැනගත් මොහොතේ සිටම මා උනන්දු වූයේ ඔහුගේ උපන් දිනය සොයා ගැනීමටය. මම දසුන්ගේ මුහුණු පොතේ සෑම පිටුවක්ම පරික්ෂා කළත් එය සොයා ගැනීමට අපහසු වූ නමුත් උත්සාහය අත නොහැරියෙමි. වෙනත් පිටුවක මට දැකගත හැකි වූ​ෙය් මෙලෙසිනි. 

 
ශලනි තාරකා ජූනි 8 වන දින දසුන්​ෙග් උපන් දිනයට සුබ පතද්දී ලොවේ සිටි ඇගේ හොඳම මිතුරා වී සිටියේ දසුන් බව කියැවෙයි.  


එය දුටු මට දැනුණු සතුට වචනවලට සීමා කළ නොහැකි විය. ඒ අන් කිසිවක් නිසා නොව මෙරට තුළ වැළලෙමින් යන මෙම විෂයේ සත්‍යය ලක්වාසීන්ට පෙන්වාදීමට හැකි නිසාය. මෙම විෂයේ ගැඹුරු මෙන්ම සත්‍යය දන්නේද ජ්‍යොතිෂවේදියාම පමණි. මෙහි ගුරුමුෂ්ටි හෙළිකිරීමට ජ්‍යොතිෂයෙන් ප්‍රසිද්ධියට පත් වෘත්තියක් ලෙස කරන අය අකැමැතිය. නමුත් අප රටේ විෂය දැනුම තිබෙන්නේද සීමිත කොටසකට පමණි.  


වයස අවු. 29 කියා සඳහන්ව තිබුණත් එය නිවැරදි කිරීම සඳහා 86, 87, 88, 89 යන සියලුම වසරවල ජූනි 8 වන දින පරික්ෂාවට ලක් කළ මට නිවැරදි උපන් දිනය 1989 ජූනි 8 වන දින බව නම් පැහැදිලි විය. 86 වසර සඳු ගමන්කර තිබුණේ මුව සිරස නැකතේය. 87 වසර ගමන් කර තිබුණේ සිත නැකතේය. 88 වසර ගමන්කර තිබුණේ උත්‍රපුටුප නැකතේය. අවු. 29 වන විට සිකුරු මහ දසාව ලබන්නේ 89 ජූනි 8 වන දින උපත පමණි.  


බුධ පොතපතට ලිවීම කියවීමට අයත් ග්‍රහයා බැවින් සහ උපන් නැකත බුධටම අයත් නැකැතක් වීමත් සහ එදින බුධ ගමන් කර ඇති නැකතක් මධ්‍යස්ථ නැකතක්ව තිබුණි. ඉන්පසු ලැබූ කේතු​ෙග් මහදසාව උපන් නැකතකට සම්පත් නැකතක් ද තිබුණි. කේතු කූට ඤාණයට සහ දඟ වැඩ අඩුකර එක තැන කරන ග්‍රහයාය. ඒ නිසා ඔහුට ලෙහෙසියෙන්ම තම බුද්ධිය වර්ධනය කිරීමේ හැකියාව ලැබී ඇත. සඳුගෙන් දෙවැන්නේ කේතු කේතුගේම නැකතක ගමන් කර ඇති බැවින් තමා සිත තුළ ඇති දේ සඟවා තබා ගැනීමට හැකි කෙනෙකි. තවද පුරසඳු කටක රාශි ගතව ඇති බැවින් සංවේදී චංචල කෙනෙකි. සඳු සමග කුජද සිටී. නමුත් කුජගේ ක්‍රියාවට රාශියද නීච කර ඇත. ඒ කටක රාශිය කුජට නීච රාශිය බැවිනි. තවද කුජ ගමන් කර ඇත්තේ කලා 58 බැවින් තවත් දුර්වල කර ඇත.  


නමුත් 89 සඳු ගමන්කර තිබුණේ බුධට අයත් අස්ලිස නැකතේය. දසුන් යනු උගත් දරුවෙකි. උපන් දිනයේ සඳුගේ ගමන් මග අනුව බුධ මහ දසාව වසර 17 ක් තිබී ඇත. ඉන්පසු වසර 7 ක් කේතු මහ දසාව තිබී මරණය වන විට සිකුරු මහ දසාව ගෙවමින් පසුවූ දරුවෙකි. මෙහිදී මා හට නවාංශකය හෝ 22 වන දෙර්කානාධිපති පෙන්වාදීමේ හැකියාවක් නැත. එයට හේතුව උපන් වේලාව හරියටම නොදන්නා බැවිනි. නමුත් චන්ද්‍ර ලග්නය අනුව බොහෝ දේ පෙන්වා දිය හැක.  


කේතුගෙන් පසු ලැබුවේ ආදරය යාන වාහන සහ කලාවට අධිපති සිකුරු ග්‍රහයාගේ මහ දසාවය. ඒ නිසා පරිගණක ඉංජිනේරු උපාධිය උගත්කම ප​ෙසක තබා කලාව වැළඳ ගත්​ෙත් තමන්​ෙග් ජන්ම නැකතට වඳ නැකතේ ගමන් ගත් ග්‍රහයා බවද ඔහු නොදන්නා නිසාය. සඳුගෙන් 12 වැන්න වන සහ වායුකාරක රාශියක්ද වන මිථුන රාශිගතව සිටීමත් කලාව සහ මරණය ප්‍රසිද්ධියට පත් කරන පිහිටීමකි. තවද සිකුරු සඳුගෙන් 4 වැන්න අයිතිකරුද බැවින් මවගෙන් සහ ගෙදරින් ඈත්කර බෝඩිමක් සොයා දී ඇත්තේද වඳ නැකතේ ගමන් කළ ග්‍රහයාගේ දසාවම නොවේද?  
දසුන්ව වඳකර දැමීමට අපූරුවට ග්‍රහයා වැඩ සලසා ඇත. ඕනෑම පරපුරක තුන්වන පරපුර මුල් දේපළවල නොරැ​ෙඳන බව ඔබට තහවුරු වී ඇත. එලෙසම තුන්වන මහ දසාව වඳ නැකතකට ගමන් කිරීම ඉතා අසුබය. ජ්‍යොතිෂ විෂයේ උත්පාද, තිථි, භංග යනුවෙන් එනම් උපතක පැවැත්ම සහ ඇතිවීම නැතිවීම ඉතා හොඳට පැහැදිලි කර ඇත.  


තවත් මේ ගැන දීර්ඝ විස්තරයක් සඳහන් කළහොත් මරණය වන දිනයේ සැප්තැම්බර් 25 පුර සඳු නීචව සිටි දිනයකි. නමුත් ඉපදී ඇත්​ෙත් පුර සඳු දිනයකය. එපමණක්ද නොව මරණය සිදුවූ දින සඳු ගමන් කර ඇත්තේද සෙනසුරුගේම නැකතකය. තවද සඳු සමග එකම රාශියේ ශනිද සිටී. එය එරාෂ්ඨක බලයකි. ජීවිතයට ආලෝකය දෙන ග්‍රහ දෙපළ වන සඳු මෙන්ම එදින රවිද බාධක නැකතක ගමන් කර තිබුණි. දසාව අයත් සිකුරු විපත් නැකතේ ගමන්කර තිබුණි.  
දෛවෝපගත සිද්ධිය වන්​ෙන් මෙම සිදුවීම වුණ දින උදේ 10-11 එදින බාධක නැකතක ගමන් ගත් ජීවිත ආලෝක ග්‍රහයා වන රවිගේ හෝරාවය. 11-12 අතර උපතින් වඳ නැක​ෙත් ගමන් ගත් සිකුරුගේ හෝරාවය. 12-01 එදිනට බාධක නැකතක ගමන් ගත් බුධගේ හෝරාවය. එය දසුන්ගේ ජන්ම නැකතට අයත් ග්‍රහයාය. දිනයට අයත් පුර සඳු නීචව සහ එරාෂ්ඨකයක්ද සමගය. මෙම දේවල් එකිනෙකට සංසන්දනය කිරීමෙන් ලක්වැසි ඔබට නොපිළිගන්නා ජ්‍යොතිෂ විෂයේ සත්‍ය සහ ගැඹුර වටහාගන්න.  


මෙය කිසිවකුට අපහාසයක් සඳහා නොවේ. දැනුම ලබාදෙන ලිපියක් බැවින් ඇත්ත පැහැදිලි කිරීම සුදුසුය. ටෙලිනාට්‍ය නිළිය උපත ලබා ඇත්තේද රාහු මහ දසාවෙනි. එය දසුන්ගේ ජන්ම නැකත වන බුධගේ නැකතට වඳ නැකතකි. ඒ නිසා ලක්වාසී බෞද්ධ දරුවනේ කවුරු වුණත් තමාගේ ජන්ම නැකතට අසුබ නැකතක් නම් තමාට නපුරක් මිස හොඳක් නොවන බවට මෙම මරණය ආදර්ශයට ගන්න. ආදරය තරුණ වයසට සාධාරණය. නමුත් එයින් ඇතිවෙන යහපත හෝ අයහපත ගැන සොයා බැලීම ඔබට යහපතකි. එය ඉතා වැදගත් කරුණක් බව තරයේ සිතට ගන්න.  


මෙම දරුවාට යොදා ඇති නම ගැනද යමක් නොකීවොත් අඩුවක් ලෙස මම දකිමි. ජන්ම නැකතට මෛත්‍රි නැකතක් වන ගුරුගේ නැකතට අයත් ‘න’ යන්න හල් කර නමේ අගට යොදා තිබීමත් ප්‍රසිද්ධියට පත්වීමට හේතුකාරක වී ඇත. තවත් වෙබ් පිටුවක මා දුටුවේ දස්සා නමින්ද ආමන්ත්‍රණය කර ඇති බවය. ගුරු වායුවට අයත් වගේම ‘සා’ යන්නද වායුවට අයත්ය. ඒ නිසා ප්‍රසිද්ධිය නිරතුරුවම ඔහුට ළඟාවීමද වැළැක්විය නොහැක. නමක වටිනාකම කොතරම්දැයි මෙයින් ඔබට වැටහෙනු ඇත.  


කෙසේ වෙතත් මා පුදුමයට පත්වන්නේ අන් කිසිවක් නිසා නොව මෙම දරුවා විවාහකයකු බැවින් විවාහයට නැකත් සෑදීමේදී ජ්‍යොතිෂවේදියා මෙම සිදුවීම නොදුටුවේ කෙසේද යන්නය.

 

 

 

 

 

 

 

ශෝභනී ද සොයිසා