වසරේ අවසාන පුර පසළොස්වක පොහොය දිනය වන්නේ උඳුවප් පොහොය දිනයයි. අතීත මුතුන් මිත්තන් උඳු නැමති බෝගය වගා කළ මාසය හෙයින් මෙම මාසයට උඳුවප් යනුවෙන් නම් කළ බව කියැවේ.මෙම උතුම් වූ පොහොය දිනය ලක්වාසී බෞද්ධ ජනයාට සුවිශේෂී දිනයකි. එනම් ලක් ඉතිහාසයේ වැදගත්ම සංස්කෘතික දායාදය ලද පොහොය වීමයි.ඒ සඟමිත් මහරහත් මෙහෙණින් වහන්සේ දඹදිව සිට ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැුගෙන මෙරටට වැඩම කිරීමයි.
සඟමිත් තෙරණින් වහන්සේ අදවන් දිනක ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ද පෙරටු කර ගනිමින් වැඩම කරන්නට විය.එය ” දුමින්දාගමනය” ලෙස නම් දරයි. අශෝක අධිරාජ්‍යයාගේ උවමනාව මත මෙම දුමින්දාගමනය සමඟ බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස අටළොස් කුලයකට අයත් පිරිසක් ලක්දිවට පැමිධෑම ද විශේෂත්වයක්.
මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමත් සමඟ බුදුදහමින් සුපෝෂණය ලද ,එවකට මෙරට රජ කළ දෙවනපෑතිස් මහරජු විසින් අරිට්ඨ කුමරු අත ඉන්දීය පාලකයා වූ ධර්මාශෝක මහරජුට ¥ත පණිවිඩ පිටත්කර හරිමින්, අප මහා ලොව්තුරු බුදුන් වහන්සේට බුද්ධත්වයට අවැසි සෙවන සපයා දෙමින් ,අව්වෙන් ,වැස්සෙන් පින්නෙන් උන්වහන්සේ ආරක්ෂා කළ උතුම් වූ ජයසිරි මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරයක් සඟමිත් මහරහත් තෙරණින් වහන්සේ අත වැඩම කරවා ගැනීමට කටයුතු සළස්වා ගත්හ. දෙවන පෑතිස් රජුගේ නෑනණ්ඩිය වූ අනුලා දේවිය මිහිඳු මාහිමිගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් පළමු සිංහල කුල කාන්තාවයි. සම්බුදු සසුනේ පැවිදිවීමට අවැසිතාවය එතුමියට තිබුණු නමුත් ඒ වන විට ලක්දිව කාන්තා පැවිද්දක් නොතිබුණි.තම අරමුණ කෙසේ හෝ ඉටුකර ගන්නා බලාපොරොත්තුවෙන් අනුලාදේවිය දෙවන පෑතිස් රජුට කළ ඉල්ලීම මත ධර්මාශෝක මහ නිරිඳුන් ගේ දියණිය වූ ද ,මිහිඳු මාහිමි ගේ සහෝදරිය වූ ද සඟමිත් තෙරණින් වහන්සේ මෙරටට වැඩම කරවා ගැනීමට කටයුතු එතැන් පටන් සූදානම් විය.
එහි ප‍්‍රතිඵලයක් ලෙස සඟමිත් තෙරණින් වහන්සේ අදවන් දිනක ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ද පෙරටු කර ගනිමින් වැඩම කරන්නට විය.එය” දුමින්දාගමනය” ලෙස නම් දරයි. අශෝක අධිරාජ්‍යයාගේ උවමනාව මත මෙම දුමින්දාගමනය සමඟ බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස අටළොස් කුලයකට අයත් පිරිසක් ලක්දිවට පැමිධෑම ද විශේෂත්වයක්.
01. බලත්ත කුලය - මහ බෝධි ගෘහයේ දොරටුව
රැුකීම භාරවීම. නායකයාට ”දොර නා” තනතුර
02. උයන්පලූ කුලය - මහාබෝධිය පිදීම සඳහා මල්
ලබා ගැනීමට මල් වැවීම භාරවීම. නායකයාට ”
උයන්ගොවි වැදෑරුම් නා” තනතුර
03. කුලිංග කුලය - මහා බෝධියට නිරන්තරයෙන්
අලූත් මල් සැපයීම භාරවීම. නායකයාට ”කිළිඟු නා”
තනතුර
04. මල්කරු කුලය - මහා බෝධියට මල් දම් ගෙතීම
භාරවීම. නායකයාට ”මල්කරු නා” තනතුර
05. කපු කුලය - මහා බෝධියට ලද පස්මල් සැපයීම
භාරවීම. නායකයාට ”කපු නා” තනතුර
06. ඔසද වටු කුලය - මහා බෝධියට සුවඳ වර්ග
සැකසීම භාරවීම. නායකයාට ගඳකුරු නා’ තනතුර
07.සත්කරු කුලයට - මහා බෝධිය සඳහා සේසත්
තැනීම භාරවීම.
08.සරස් කුලය - මහා බෝධියට සේසත් වැඩමවීම
භාරවීම.
09. පෙහෙර කුලය - මහා බෝධියට අවශ්‍ය
පෙරහන්කඩ, පහන් වැටි ආදිය සඳහා අවශ්‍ය රෙදි
සැපයීම භාරවීම. නායකයාටිපෙහෙරකරු නා’ තනතුර
10. තුනා කුලයට - මහා බෝධියට අවශ්‍ය ධජ පතාක
තිර ආදිය මැසීම භාරවීම.
11. කුඹල් කුලයට - මහා බෝධියට දානය පිදීමට පාත‍්‍රා ආදී
බඳුන් සැපයීම භාරවීම. ඔවුන්ගේ නායකයාට කුඹල් කරු නා
තනතුර
12. අරක්කැමි කුලයට - බෝධීන් වහන්සේගේ දානයට
අවශ්‍ය බත් සපයා දීම භාරවීම.
13.කුඹුරු කුලයට - බෝධීන් වහන්සේගේ, පිළිල බේදුරු
ආදිය ඉවත් කිරීම සඳහා කතුරු කියත්, පිහි සැපයීම
භාරවීම. නායකයාට කුඹුරු නා තනතුර
14. ලෝකුරු කුලය - බෝධීන් වහන්සේගේ අවශ්‍යතා සඳහා
ලෝහ වැඩ කිරීම භාරවීම.
15.සුවණ්ණාකර කුලය - බෝධීන් වහන්සේ සඳහා රන් පහන්,
රිදී පහන්, රන් රිදී වළන් ආදී බදුන් සැකසීම භාරවීම.
16. වඩු කුලය - මහ බෝ මඟුලට අවශ්‍ය වියන් මණ්ඩප
ආදිය සැකසීම භාරවීම.
17.සිත්තරු කුලය - මහා බෝධියෙහි විසිතුරු වියන්
සැකසීම භාරවීම.
18. දෙවි කුලයට - මහා බෝධියේ හේවිසි පූජා පැවැත්වීම.
මෙලෙස විවිධ කුලවලට අයත් ජනයා විශාල පිරිසක් ශ‍්‍රී මහා බෝධී දක්ෂිණ ශාඛාව ද සමඟ ලක්දිවට පැමිණි බව වංශකතාවල සඳහන් වේ. මෙරට සමාජ සංස්කෘතිය නවමු මගකට යොමු වන්නට අඩිතාලම වැටුණේ එතැන් පටන් යැයි කීම සාවද්‍ය නොවන්නකි. ඔවුන්ගේ පැමිධෑමෙන් පසු මෙරට ශිල්පකලා හා සංස්කෘතික කලා කටයුතු ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි දියුණු වන්නට විය.
මෙලෙස බෞද්ධ ජනී ජනයාගේ පමණක් නොව අන්‍යාගමික ප‍්‍රජාවගේ පවා ගෞරවාදරයට පත් ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ආසියාවේ තිබෙන පැරණිම ශාඛය ලෙසද සඳහන් වේ.