
ලෝක ළමා දිනය 2026 සැමරීම නිමිත්තෙන්, ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ^SLIC Life& විසින් 2026 ඔක්තෝබර් 01 වැනි දින දිවයින පුරා උපත ලැබූ සෑම දරුවකුගේම මවුපියන්ට රු. මිලියනයක් වටිනා නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් නැවත වරක් පිරිනමන ලදී. අඛණ්ඩව පස්වැනි ිවරටත් ක්රියාත්මක වන මෙම වැඩසටහන දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි ක්රියාත්මක කරන ලද අතර, අලුත උපන් දරුවන්ගේ මවුපියන්ට මෙම සුවිශේෂී ප්රතිලාභය ලබා ගැනීමට අවස්ථාව සැලසිණි.
මෙම වැඩසටහන දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි ක්රියාත්මක කරන ලද අතර, අලුත උපන් දරුවන්ගේ මවුපියන්ට මෙම සුවිශේෂී ප්රතිලාභය ලබා ගැනීමට අවස්ථාව සැලසිණි. මූල්ය ආරක්ෂාව සැලසීමෙන් ඔබ්බට යමින්, දරුවකුගේ උපත පවුලක නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන අතරම, පවුලේ මූල්ය අනාගතය සුරක්ෂිත කිරීමද එම ගමනේ වැදගත් අංගයක් බව අවධාරණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
“දරුවකුගේ උපත යනු බලාපොරොත්තු, සිහින සහ අභිලාෂයන්ගෙන් පිරුණු නව ගමනක ආරම්භයයි. SLIC Life හි අප විශ්වාස කරන්නේ එම ගමනේ ආරම්භයේ සිටම ආරක්ෂාව ලබාදීම වැදගත් බවයි. මෙම වැඩසටහන හරහා අනාගතය වෙනුවෙන් කල්තියා සැලසුම් කිරීමේ වැදගත්කම මෙන්ම, ජීවිතයේ අනපේක්ෂිත අවස්ථාවලදී පවුල් සුරක්ෂිත කිරීමට ජීවිත රක්ෂණයට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳව වැඩි දැනුවත්භාවයක් ඇති කිරීම අපගේ අරමුණයි. අඛණ්ඩව පස්වැනි වසරටත් මෙම වැඩසටහන ක්රියාත්මක කරමින්, ශ්රී ලාංකික පවුල් වෙත අර්ථවත් ආරක්ෂාවක් ලබාදීමටත්, ඊළඟ පරම්පරාව සඳහා වඩාත් සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට දායක වීමටත් අපි කැපවී සිටිනවා,” යනුවෙන් SLIC Life හි ප්රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහතා පැවසීය.
SLIC Life හි සමාජ සත්කාර ^CSR& වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද මෙම ලෝක ළමා දින වැඩසටහනේ මූලික අරමුණ වූයේ, දරුවන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවකදී ඔවුන්ගේ මවුපියන්ට සහාය වෙමින් පවුල්වල මූල්ය ආරක්ෂාව ශක්තිමත් කිරීමයි. වසර ගණනාවක් පුරා මෙම වැඩසටහන SLIC Life හි වාර්ෂික සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ වැදගත් අංගයක් බවට පත්ව ඇති අතර, දරුවන්, පවුල් සහ ප්රජාවන් වෙනුවෙන් SLIC Life දක්වන පුළුල් කැපවීමද එමගින් පිළිබිඹු කරයි.
දරුවන් සහ ඔවුන්ගේ අධ්යාපනය වෙනුවෙන් ශ්රී ලංකා ඉන්ෂුරවරන්ස් ලයිෆ් හි විවිධ දීර්ඝකාලීන වැඩසටහන් ක්රියාත්මක වේ. 2007 වසරේදී ආරම්භ කරන ලද ‘පාසල් පිරියත’ සුරකිමු වැඩසටහන මගින් මේ වන විට අඩු වරප්රසාද සහිත පාසල් 3,365කට අධික සංඛ්යාවකට ප්රතිලාභ ලබාදී ඇති අතර, පන්ති කාමර ප්රතිසංස්කරණය, ජල පහසුකම්, පුස්තකාල සහ ඉගෙනුම් සම්පත් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් ඒ යටතේ ක්රියාත්මක කර ඇත. 2026 වසරේ මෙම වැඩසටහනේ අදියර නොවැම්බර් මාසයේදී ක්රියාත්මක කිරීමට නියමිත අතර, දිවයින පුරා දරුවන්ගේ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම සඳහා SLIC Life දරන අඛණ්ඩ උත්සාහය එමගින් තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත.

