
(අංජුල මහික වීරරත්න)
සිරගතවූ භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාමේදී අනුගමනය කළ යුතු විධිවිධාන බන්ධනාගාර පනතේ නිත්ය නියෝග 550 හි පැහැදිලිව දක්වා තිබියදී රජය කමිටු පත් කළේ කුමටදැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්රශ්න කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
බන්ධනාගාර ගත කර සිටින භික්ෂූන් වහන්සේලා ප්රමුඛ ආගමික නායකයින් පිටතට රැගෙන යාමේදී ඇඳ සිටි යුතු ඇඳුම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම සම්පූර්ණ ඇස් බැන්ඳුමක් බවත්, එවැනි කමිටුවක කිසිඳු අවශ්යතාවයක් නැති බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මීට පෙර පැහැදිලිවම පෙන්වා දෙනු ලැබීය.
මේ කරුණ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විධි විධාන සියල්ලක්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝගවල දැනටමත් පැහැදිලිවම සඳහන්ව පවතී.
ඒ පිළිබඳව බන්ධනාගාර පනතේ නිත්ය නියෝග 550 හි මෙසේ දක්වා තිබේ.
“යම් අධිකරණ නියෝගයක් මත හෝ වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වරදකරු කරනු ලැබු සිරකරුවෙකු බන්ධනාගාර නිල ඇඳුමෙන් (සිරකරු ඇඳුමෙන්) අධිකරණයට ඉදිරිපත් නොකළ යුතුය.”
“බන්ධනාගාර වීමට ප්රථම සමාජයේ ජීවත් වන විට ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට අනුකූල සිවිල් ඇඳුමක් (හෝ අදාළ සංස්කෘතික / ආගමික පසුබිමට ගැළපෙන වස්ත්රයක්) ඇඳීමට ඔහුට අවසර දිය යුතුය.”
බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝගවල මේ කරුණ සම්බන්ධයෙන් පැහැදිලිවම සෘජු මඟ පෙන්වීමක් කර තිබියදී ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුව පත් කිරීම හිතාමතාම ප්රශ්නය යට ගැසීමට සහ තව තවත් ඇදගෙන යාමට ගත් වංක ප්රයත්නයකි. රජය මේ අවස්ථාවදී ගත් පියවර ද එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලෙන් හෙළා දකී.
එසේම රජය දැන් කළ යුතුව ඇත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර ස්ථවීරයන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රිධර්ම මහා සංඝසභාවේ මහනායක හිමියන් සහ සංඝසභාව හමුවට ගොස් සමාව අයැද සිටීමය, යනුවෙන්ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd