DFCC බැංකුවේ රු.බි. 12.5 ක ණයකරය CSE හි ලැයිස්තුගත කිරිම අද


DFCC බැංකුව පසුගියදා කොළඹ කොටස් හුවමාරුවේදී මිලදී ගැනීම සඳහා විවෘත කළ රුපියල් බිලියන 12.5 ක් වටිනා ණයකරය, එම හුවමාරුවේ ලැයිස්තුගත කිරීම අද (28) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබේ. 

ඒ අනුව ISIN  අංක  LK0055D26436 යටතේ මෙය ලැයිස්තුගත කෙරේ. මෙම ණයකරය බාසෙල් III  අනුකූල, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස සිදු කෙරිණි. මේ සඳහා අධි දායකත්වයක් හිමි විය.