MBSL රුපියල් බිලියනයක ණයකරයට මහ බැංකු අනුමැතිය


මර්චන්ට් බෑන් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) සමාගම කොළඹ කොටස් හුවමාරුව හරහා රුපියල් බිලියන 1ක මුදලක් රැස් කරගැනීම සඳහා සැලසුම් කර තිබූ ණයකර නිකුතුව වෙත මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇතැයි පවසයි. 

මෙහිදී වසර පහකින් කල් පිරෙන ලෙස සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 5ක් නිකුත් කෙරෙන අතර, කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කෙරෙන මුදල රුපියල් මිලියන 500 කි.