( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස චිත්‍රාංජලී දිසානායක මෙනවිය පත්කරනු ලැබ ඇත.
ඇය 1986 දී පර්යේෂණ සහකාරවරියක ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයට සම්බන්ධ වී ඇති අතර ප්‍රතිපත්ති හා සැලසුම් අලෙවිකරණය නිෂ්පාදන කළමනාකරණය සහ කාර්මික නිෂ්පාදන හා සේවා යන අංශවල වසර 34 ක පළපුරුද්දක් ඇති නිලධාරිනියක වේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වීමට පෙර දිසානායක මෙනවිය වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) සහ කාර්මික නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළාය.
චිත්‍රාංජලී දිසානායක මෙනවිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධාරිනියකද වේ.