(සුජිත් හේවාජුලිගේ)

කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය   යෝජනාව පිළිබඳ විවාදය  බොහෝ දුරට  අයවැයෙන් පසුව පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ලබන 2027 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා රජයේ අයවැය කතාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම) 2026 නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය විවාද වලින් පසු අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පැවැත්වේ.

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වලින් අනතුරුව එළඹෙන්නේ අයවැය වැඩ කටයුතුය.

විශ්වාසභංග යෝජනාව නීතිපතිවරයාට යොමු කිරීමට තීරණය කර ඇති හෙයින්  නීතිපති මතය ලැබීමට තව කාලයක් ගත වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.