CIC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අනුබද්ධ සමාගමක් වන ඇක්සෝ නොබෙල් පේන්ට්ස් ලංකා (පෞද්) සමාගම ඉදිරියටත් සිය ඉම්පීරියල් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඞ් සමාගම යටතේම පවතිනු ඇතැයි එම සමාගම පවසයි.
පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ.
මෙම ඇක්සෝ නොබෙල් පේන්ට්ස් ලංකා (පෞද්) සමාගමෙහි සියයට 50.63 ක හිමිකාරීත්වයක්, ඉම්පීරියල් කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හරහා පවතින්නේ ඇක්සෝ නොබෙල් මව් සමාගම වන ඇක්සෝ නොබෙල් N.V සමාගමටයි.
කෙසේ වෙතත් එම සමාගම පසුගියදා නිකුත් කළ මාධ්‍ය වාර්තාවකට අනුව, ඇක්සෝ නොබෙල් N.V සමාගම සතුව අග්නිදිග ආසියාවේ පිහිටි විසිතුරු තීන්ත ව්‍යාපාරය නිපෝන් පේන්ට් හෝල්ඩිංග්ස් කම්පැනි ලිමිටඩ් වෙත පැවරීමට සූදානමින් සිටින බව අනාවරණය කෙරිණි.
ඒ අනුව CIC හෝල්ඩිංග්ස් පීඑල්සීහි සභාපතිවරයා විසින් පසුගිය ඔක්තෝබර් 08 වැනිදා ඇක්සෝ නොබෙල් N.V. සමාගම හා සම්බන්ධ වෙමින් සිදුකළ විමසීමේදී, අදාළ ව්‍යාපාර පැවරීම සිය සමාගමේ කොටස් හිමිකාරීත්වය යටතේ ශ්‍රී ලංකාවේ පවතින ඇක්සෝ නොබෙල් පේන්ට්ස් ලංකා (පෞද්) සමාගම හා සම්බන්ධ නොවන බවත්, එම ගනුදෙනුව ඊට පිටින් සිදුවන්නක් බවට දැනුම් දී තිබෙන බවත් සඳහන් වෙයි.

