(සුජිත් හේවාජුලිගේ)

රිමාන්ඩ්  බන්ධනාගාර ගත කෙරැණු  පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ  මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා රදවා සිටින වාට්ටුවේ රැදවූ  බව බන්ධනාගාර   දෙපාර්තමේන්තුව පැවසුවේය .

පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා  ඊයේ දිනයේ  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය

ඒ අනුව  මන්ත්‍රීවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා  රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට  නියෝග කළේය.