කොකා-කෝලා 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී සම්මාන


ශ්‍රී ලාංකේය පාරිභෝගික විශ්වාසය සමගින් මෙරට වෙළෙඳපොළේ 65 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් පසුගියදා අවසන් වූ 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී කොකා-කෝලා සන්නාමය සුවිසල් අගැයීමකට ලක් වූයේ සම්මාන රැසක් හිමි කර ගනිමිනි. 

ඒ අනුව 2026 Calin Popular Awards හිදී Most Popular Beverage Brand of the Year’ ලෙස සම්මාන හිමිකර ගත් කොකා-කෝලා සමාගම SLIM DIGIS 2.6 හිදී සිය Real Magic ප්‍රචාරක වැඩසටහන වෙනුවෙන් Best Use of Experiential & On-Ground Digital Amplification සම්මානය දිනා ගැනීමටද සමත් විය. 

මෙරට පරම්පරා ගණනාවක පවුලේ හමුවීම්, උත්සව සැමරුම්, එදිනෙදා ආහාර වේල් සහ සුපුරුදු මතක රැසක් සමග අඛණ්ඩව බැඳී පවතින සන්නාමයක් වන කොකා කෝලා සිය 65 වැනි සංවත්සරය වෙනුවෙන් සමාගම දියත් කර ඇති ‘Thank You for Always Picking Coca-Cola’ ජාතික ප්‍රචාරක වැඩසටහන හරහා පාරිභෝගිකයා සමග වන දිගුකාලීන සමීප සබඳතාව සිය ගමනේ ප්‍රධාන කේන්ද්‍රය බවට පෙන්වා දී තිබේ. 

මෙම ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් කොකා-කෝලා හි ශ්‍රී ලංකා සහ මාලදිවයින ප්‍රධානී මාරියෝ පෙරේරා මහතා මෙසේ පැවසීය. “අප ශ්‍රී ලංකාව තුළ වසර 65ක් සනිටුහන් කරන මෙම මොහොතේ මෙම සම්මානවලින් පිදුම් ලැබීම අපට සුවිශේෂී වටිනාකමක් ගෙන දෙනවා. මෙරට පරම්පරා ගණනාවක් අඛණ්ඩව කොකා-කෝලා තෝරාගෙන තිබෙන අතර ඔවුන් අප කෙරෙහි තබා ඇති ඒ නොසැලෙන විශ්වාසය පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. එසේම වෙළෙඳපොළේ අපගේ වත්මන් වටිනාකම රඳවා ගැනීමට නම් පාරිභෝගිකයන් සමග අප සම්බන්ධ වන ආකාරය නිරන්තරයෙන් වැඩි දියුණු කළ යුතුයි. මෙම සම්මාන උළෙලවල අප ලැබූ ඇගයීම් හරහා, අප සතු දිගුකාලීන සමීප සබඳතාව මෙන්ම වර්තමාන පාරිභෝගිකයාට වඩාත් ගැළපෙන ඩිජිටල් අත්දැකීම් නිර්මාණය කිරීම පිළිබඳ අපගේ විශිෂ්ටත්වය මනාව ප්‍රදර්ශනය වනවා.”