ජාත්‍යන්තර පාසල් කළමණාකාරීත්වයේ හිද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව තම හිතට එකඟව වැඩ කිරීමට නොහැකි නිසා ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සියලු වගකීම්වලින් හා කළමණාකාරීත්වයෙන් ඉල්ලා අස්වන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.
පෞද්ගලික අරමුණුවලදී ජාතික අධ්‍යාපනය ගොඩ නැගීමේ අරමුණු කරා යාම කළ නොහැකි නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට තමන් මේ තීරණය ගත් බව ග්‍රේරු මහතා කීවේය.